සොඒන් - පම්ප්කින් සැරසිලි - Samhain Jack-O'-Lantern

හැලොවීන් හෙවත් සොඒන් ගැන වැඩි දුර විස්තර

ඔක්තෝම්බර් 2012 @ ශ්‍රී ලංකා
[පොදු ආධ්‍යාත්මික වියුණු] 

ආරම්භය සහ ඉතිහාසය

හැලොවීන් හෙවත් සොඒන් අද ලෝකය පුරා ප්‍රචලිත උත්සවයක් ලෙස සැමරෙනවා. ලෝකය පුරාම වගේ ඔක්තෝබත් 31 වනදා හැලොවීන් උත්සවාකාරයෙන් සමරන අය දැකිය හැකියි. මුළු දවසම විනෝද වෙමින්, මලවුන්, භූතයින්, යකුන්, මායාකාරීන් ලෙස ඇඳගෙන නැටීම සහ විනෝද දැකිය හැකියි. ඉතා රෑ වෙන තුරුත් මේ උත්සව පැවැත්වෙනවා. විවිධ ඇඳුම් ඇඳගත් ලමයි ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලනවා. රසකැවිලි නැත්නම් ඒ ගෙහිමියා ලමයින් වෙනුවෙන් බිය කරන දෙයක් කර පෙන්වා එලවා දමනවා. ඒ වගේම ගෙවල් ඉදිරිපිට භය ඇති කරන ආකාරයේ සැරසිලි කරනවා, පම්ප්කින් (විශාල වට්ටක්කා) වල මුහුණු කපා ඇතුලත ඉටිපන්දම් දල්වනවා. ඊට පසු විවෘත ස්ථාන වල ගිණි මැල දල්වා රසකැවිලි කමින් සංගීතය සමඟ විනෝද වෙනවා.

නමුත් හැලොවීන් ඇත්ත්තෙන්ම තනිකරම විනෝද වීම සහ විකට ඇඳුම් ඇඳගෙන නැටීමටම වෙන් වූ දිනයක් ද.? කොහෙත්ම නෑ..

අපි කලින් ලිපියකින් කතා කලා වගේම සොඒන් යනු වසන්ත කාලය අවසන් වීම සහ ශීත කාලය ආරම්භ වීම සලකුණු කරනවා. සොඒන් වලට පෙර ඇති පුර සඳ දවසේ සිට මෙය ආරම්භ වෙනවා. අපේ භෞතික ලෝකය සහ අදෘශ්‍යමාන භූත ලෝකය එකට ගැටෙන දිනයයි, එහා ලෝකයේ සැතපෙන භූත ආත්ම මේ ලෝකයට බසින දිනයයි, බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත්ම බිහිසුනු අත්දැකීම් වලට මුහුණ දෙන්නට වුන දිනයයි, ඒ වගේම වර්ශයේ අමාරුම කාල පරිච්ඡේදය ආරම්භ වීමයි.

වෙස්වලාගැනීම, වෙස් මුහුණු සහ විශේශ ඇඳුම්

වසන්තය අවසන් වී ශීත කාලය ආරම්භ වන සොඒන් හෙවත් හැලොවීන් වලින් පසු උනුසුම් සහ ප්‍රභෝදජනක වටපිටාව අඳුරු සහ භයානක - අවදානම් පරිසරයකට හැරේ. ශීත කාලය වනාහී සියලු ආකාරයේ විපත් සහ කරදර වලට ඉඩ ඇති කරන කාලයකි. සීතල, බඩගින්න සහ රෝග මිනිසාට මෙන්ම සතුන්ටද ඇති කරවන කාලයකි. ඒ වගේම එහා ලෝක වල සිටින ආත්ම මේ ලෝකයට පැමිණ අප හා සක්මන් කරන විශේශ දිනයකි මේ.

ඈත අතීතයේ මිනිසුන් විශ්වාස කලා.., යක්ශයින්, භූතයින් ලෙස වෙස් වලාගත් අය යක්ශයින්ට සහ භූතයින්ට ඔවුන්ගේම අය ලෙස පෙනෙන නිසා ඔවුන්ගෙන් කරදරයක් නොවන බවට. ඒ නිසා, ශීත කාලයේ මරණයට බිය වූ අය යක්ශයින් භූතයින් ලෙස වෙස්වලාගෙන පාරවල් වල පෙරහැරවල් ගියා. තවත් සමහර අය ගෙවල් ඇතුලටම වී මායා ශාස්ත්‍ර වලින් හෝ සත්ව බිලි පූජාවක් මගින් ආරක්ශාව පැතුවා.

රසකැවිලි ඉල්ලාගෙන යෑම, මුහුණ කැපූ පම්ප්කින් (වට්ටක්කා) ලන්තෑරුම සහ ගිණිමැලය

එක්තරා අයර්ලන්ත ජනකථාවකට අනුව, ඉස්සර කාලයේ ජැක් නම් බේබද්දෙක් වාසය කලා. ඔහු දවසක් යක්ශයා ඇපල් ගසකට නගින්න පෙලඹෙව්වා. ඊට පසු ශුද්ධ සංකේතයක් ගසේ කොටා යක්ශයාට ගසෙන් බැසිය නොහැකි සේ කරවූවා. ඉන් පසු, තමාගේ මරනින් මතු තම ආත්මය සොයා නොඑන ලෙස යක්ශයා පොරොන්දු කරවාගෙන යක්ශයාට ගසෙන් බැසීමට සැලසෙව්වා ලු. ඔහු බේබදු ජීවිතය අවසන් කරමින් අනතුරකින් හිස කඳින් වෙන් වී මිය ගියා. ඔහුගේ බේබදුකම නිසා දෙවියන් ඔහුව දිව්‍යලෝකයට ඇතුල් කරගත්තේ නෑ, අපායට හරවා යැවුවා. නමුත් අපායෙන් ද ඔහුව භාරගත්තේ නෑ ලු, ඔහුට යක්ශයා දුන් පොරොන්දුව නිසාම. ඉන්නට තැනක් නැති වූ ජැක් ගේ ආත්මයට පාර සොයාගැනීමට යක්ශයා උදවුවක් ලෙස ටර්නිප් අලයක් මැදට ගිනිගන්නා ගල් අඟුරක් දමා ලන්තෑරුමක් සකස් කර දුන්නා ලු. මේ ලෝකයේ වසන්ත කාලයේ ජැක් ගේ ආත්මය එලොව පුරා සැරි සරා හැලොවීන් දවසේ මේ ලෝකයට පැමිණෙනවා. ජැක් තමන්ගේ නිවසේ නවතීවි යැයි බයට ජැක් ට පාර සොයාගැනීමට සඳහා බොහෝ දෙනා ටර්නිප් (රාබු) ලන්තෑරුමක් දල්වනවා ජැක් ට පාර සොයාගැනීමට. පසු කාලයක පම්ප්කින් වලින් කැපූ ලන්තෑරුම් අනුව තමයි අද ජනප්‍රිය මුහුණ කැපූ පම්ප්කින් ගෙඩිය භාවිතයට ආවේ.

කුඩා දරුවන්ට හැලොවීන් වල වඩාත්ම සිත් ගන්නේ රස කැවිලි ඉලාගෙන ගෙයින් ගෙට යාමයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙදින භූත ආත්ම ප්‍රාණය සහ රුධිරය සොයා එන දවසයි. මිනිසුන් තමන් ඇති කරන ගොවිපල සතුන්ගෙන් දුර්වලම සතුන් තෝරා බිලි පූජා කරනවා ඔවුන්ගේ ජීවිත ආරක්ශා කරනු පිණිස. සෑම ගමකම ගිණි මැලයක් දල්වා මේ භූතාත්ම එයට කැඳවනවා. එහිදී මිනිසුන්ගේ බිලි පූජා මේ භූතාත්ම වලට පූජා කරනවා තමන්ගේ ජීවිත ආරක්ශා කිරීමට. මායා මන්ත්‍ර ශාස්ත්‍ර දත් වැඩිහිටියන් මේවා සංවිධානය කරන අතර පැමිණෙන භූතාත්ම වල උදවුවෙන් මිනිසුන්ගේ අනාගතය ගැන ශාස්ත්‍ර කියනු ලබනවා.

මායාකාරීන් / මායාකාරයින් සහ ගුප්ත මන්ත්‍ර පූජා විධි

Facebook Twitter Google

Discuss on Facebook